ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙනයන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී ක්‍රියාපිළිවෙත වහාම නතර කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
President Ranil Wickremesinghe is failing in all his attempts to retain power with the backing of the Rajapaksas as finally the people in the north have united with their brethren in the south in the campaign for repealing the draconian law PTA, Parliamentarian M. A. Sumanthiran said.
මෙරට ජනතාවට ආහාර අර්බුදයක් මතුවී ඇත්නම් එම අවාසනාවන්ත තත්වය උදාකරගෙන ඇත්තේ ද මෙරට ජනතාව විසින්ම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමට ඌව පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. වත්මන් පාලනය යටතේ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.
ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම වැදගත් බවත් ඒ තුළින් සෘජු විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කිරීමටත්, තොරතුරු තාක්ෂණය,නව තාක්ෂණික ව්‍යපෘති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අනාගත සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සෞඛ්‍ය අංශය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රමාණවත් පරිදි සැපයීමට අද වනවිට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර,එයිනුත් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ ප්‍රතිකාර උපකරණවල හිඟය හා නඩත්තු ගැටලු නිසා එම රෝගීන්ගේ ජීවිත විශාල සංඛ්‍යාවක් අනතුරේ වැටී ඇති බව වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
නෙළුම් කුලුන වැනි ව්‍යාපෘති සංවර්ධිත රටවලට මිස බංකොලොත් රටවලට නොගැලපෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. දකුණු ආසියාවේ ලොකුම එක නිර්මාණය කළ පමණින් රට සංවර්ධනය නොවන බව දැන්වත් තේරුම් ගතයුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
පන්සල් ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක් ලබා නොදීම අසාධාරණ බවත් ඒ ඔස්සේ නැවතත් බර පැටවෙන්නේ ඒවායේ දායකයින්ටම බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
හැකිනම් තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති තනතුරින් ඉවත් කර පෙන්වන්නැයි අභියෝග කරන බව, නිදහස ජාතික සභාවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, ඩලස් අලහප්පෙරුම මහතා සමග විපක්ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දෙකක් භාවිතා කිරීම හේතුවෙන් මෙම චෝදනා එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලනයට පැමිණෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන්ටත් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ගියහොත් මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් තුනක් කඩාවැටෙනු ඇති බව උ. ල. සභාගයේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවට සභාපති ධුර විපක්ෂයට ලබාදීමේ එකඟතාවයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසූවේ එලෙස මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවයි
Page 111 of 553