Thursday, March 26, 2026
Follow Us
ප්‍රමිතියෙන් තොර බොරතෙල් ආනයනය කර ඇතැයි කියන පුවත් සමබන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහක්

ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට ආනයනය කර ඇතැයි ප්‍රකාශවන පුවත් සම්බන්ධයෙන් රට තුළ මේ වන විට කතා බහක් මතුව තිබෙනවා. ඒ, දේශපාලනඥයින් හා ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ඇතුලු විවිධ පාර්ශව ඒ පිළිබඳ විවිධ අදහස් පළ කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද ඊයේ පැවසුවේ මෙරටට බොරතෙල් ආනයවනය කිරීම සඳහා කොරල් එනර්ජි සමාගමට අවස්ථාව ලබාදීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වංචාවක් සිදුව ඇති බවයි.

මෙවන් පසුබිමක ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට ගෙන්වීම හා අඩු ඔක්ටේන් අගයක් සහිත පෙට්‍රල් සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති කතාබහ පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීද ඊයේ රාත්‍රීයේ සාකච්ඡා කෙරුණා.

Neth