වත්මන් රජය විසින් පසුගිය කාලයේ රට විනාශ කරන ලද්දේ රාජපක්ෂලා නොව 16 ලක්ෂයක් වූ රජයේ නිලධාරීන් බවට චෝදනාවක් ගොනු කරන බවත් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව විසින් රජයේ නිලධාරීන්ට අභූත චෝදනාවක් එල්ල කරන බවත් විපක්ෂයක් ලෙස එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායම් සමග පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද විදුලිබල මණ්ඩලයට පොලු තැබූ මහජන නියෝජිතයන් අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව එම අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම පවසනවා.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවති පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල (රත්මලාන) ඇතුළු සංවර්ධනය සඳහා හඳුනා ගත් සියලු ගුවන් තොටුපල වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර බොරතෙල් මෙරටට ආනයනය කර ඇතැයි ප්‍රකාශවන පුවත් සම්බන්ධයෙන් රට තුළ මේ වන විට කතා බහක් මතුව තිබෙනවා. ඒ, දේශපාලනඥයින් හා ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ඇතුලු විවිධ පාර්ශව ඒ පිළිබඳ විවිධ අදහස් පළ කිරීම හේතුවෙන්.
2022 - 2025 කාල සීමාව සදහා නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශනයට අනුකූල නොවන බව නිරීක්ෂණය වී ඇතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවක දක්වා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.
පාර්ලිමේන්තුව අසල ඇති අක්කරයක ඉඩමක නියමු ව්‍යාපෘතියක් වශයෙන් කංසා වගාවක් අරඹන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පසුගියදා එල්ල කළ අභියෝගයට අදාළව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පිළිතුරු ලබාදී තිබේ.
ඉදිරියේ සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අමාත්‍ය ධුර හිමිවන බව වාර්තා වනවා.
අලුතින් පත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) රැස්වීමට නියමිතව තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් අද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.
පසුගියදා තමන් සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමග දිවා ආහාරය ගත් බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් රටපුරා ධීවර ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
Page 110 of 556