Friday, April 19, 2024
Follow Us
ගල් අගුරු ප්‍රසම්පාදන කමිටුව ගැන රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් නිර්දේශයක්

2022 - 2025 කාල සීමාව සදහා නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අගුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ අනුමත ප්‍රසම්පාදන මාර්ගෝපදේශනයට අනුකූල නොවන බව නිරීක්ෂණය වී ඇතැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවක දක්වා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

විගණකාධිපතිවරයාගේ අදාළ නිරීක්ෂණ අද පාර්ලිමේන්තුවේදී සභාගත කරමින් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව කියා සිටියා.

එම ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයින්ට නැවත ප්‍රසම්පාදන කටයුතු සදහා සහභාගීවීමට අවම වශයෙන් වසරක කාලයකට හෝ අත්හිටවිය යුතු බවට රජයේ මුදල් පිළිබද කාරක සභාව නිර්දේශ කර ඇති බවද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා එහිදී කියා සිටියා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එහිදී කියා සිටියේ එවැනි නිර්දේශයක් ලබාදීමට පෙර අදාළ ප්‍රසම්පාදන කමිටුවේ නිලධාරීන්ට ද ඇහුම්කන්දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

Neth