Friday, April 19, 2024
Follow Us
ජනතා බදු මුදල්වලට වෙන දේ මෙන්න!

සමාජ ආරක්ෂණ බද්ද හරහා භාණ්ඩ මිල තවත් ඉහළ යාමට නියමිත අතර ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් තවදුරටත් යෙදවීමට සූදානම් වන්නේ ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා (03) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ, සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

දැනටමත් රාජ්‍ය අමාත්‍යවරු සහ කාර්ය මනාල සඳහා වාහන 320ක් වෙන් කර තිබෙන අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට නිල වාහන සහ පෙට්‍රල් ලීටර් 300ක් ලබා දීමට තීරණයක් ගෙන තිබෙන බවද ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය එසේ වන විට වේලක් කන්න නොමැතිව දරුවන් 3000ක් පමණ අධ්‍යාපනය අතහැර දමා ඇති බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

LNW