මරිපෝල් නගරයේ සිර වී සිටින යුක්රේන සටන්කරුවන්ට අවි බිම තබා යටත් වීමට පැය කිහිපයක් ලබා දෙන බව රුසියානු හමුදා ප්‍රකාශ කර තිබෙනවා. එලෙස අවි බිම තබන යුක්රේන සොල්දාදුවන්ගේ ජීවිත ආරක්ෂා කරන බවට රුසියාව පොරොන්දුවක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජනතාවට තීරණයක් ගැනීමට ඉඩ ලබාදිය යුතු බව බලයෙන් පහ කළ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ඔහු කියා සිටියේ ජනතාවට සිය තීරණය ගැනීම සඳහා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. ධූරයෙන් පහ කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් සහභාගිවන විශේෂ රැලියක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඉම්රාන් ඛාන්ට සහය පළ කරමින් දහස් සංඛයාත පිරිසක් මේ වන විට වීථි බසිමින් සිටින පසුබිමකයි.
යුක්රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් රුසියාව අමෙරිකාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. බයිඩින් පරිපාලනය දිගින් දිගටම යුක්රේනයට අවි සැපයුවහොත් අනපෙක්ෂිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිඳුවනු ඇති බවටයි රුසියාව අනතුරු අගවා ඇත්තේ.
ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොනසල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ පත්කර ඇතැයි වාර්තා වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇති බව ද වාර්තා වුණා
කළු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ප්‍රහාරයකට ලක් වූ “මොස්ක්වා” නමැති රුසියානු යුද නෞකාව ගිලී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ඒ බව තහවුරු තර ඇති බවයි.
ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් වත්මන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේවෙතත් ඔහුගේ ප්‍රතිවාදියා වන මැරීන් ලේ පෙන් තියුණු සටනක් ලබා දෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිළ සාකච්ඡාව ඊයේ පවත්වා තිබෙනවා. එය පවත්වා ඇත්තේ අන්තර්ජාලය හරහායි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකුවේ අදිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ද සහභාගී වී තිබෙනවා.
The United Nations General Assembly voted Thursday to suspend Russia from the UN Human Rights Council after high-profile allegations of atrocities committed by Russian soldiers during the war in Ukraine.
Page 154 of 377