ධීවර කටයුතු පිළිබඳ ඉන්දු – ශ්‍රී ලංකා පස්වන ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුව 2022 මාර්තු 25 වන දින අතත්‍ය ආකාරයෙන් පැවැත්විණ. ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වය ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අයි. රත්නායක මහත්මිය විසින් දරන ලද අතර ඉන්දීය කණ්ඩායම ධීවර ලේකම් ශ්‍රී ජතීන්ද්‍ර නාත් ස්වේන් මහතාගේ සහභාගීත්වය යටතේ සහභාගී විය. 2020 දෙසැම්බර් මාසයේදී පැවති ඒකාබද්ධ කාර්ය කණ්ඩායම් හමුවෙන් පසු තත්ත්වය, සිදුවීම් සහ ප්‍රගතිය දෙපාර්ශවය විසින් සමාලෝචනය කරන ලදී.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (26) පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි.
යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවනවා. ඒ සඳහා වුවද රුසියාව සූදානම් බව පෙන්වා දෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ එය තවත් ලෝක යුද්ධයක් වනු ඇති බවයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා.
යුක්රේනය තුළ ආරම්භ කළ හමුදා මෙහෙයුමේ පළමු අදියර අවසන් බව රුසියාව පවසනවා. ඒ අනුව නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කලාපය කෙරෙහි සම්පූර්ණයෙන් අවධානය යොමු කරන බවයි රුසියාව පවසන්නේ. කෙසේවෙතත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා යුරෝපානු රටවල් පවසන්නේ පූර්ව යුද උපායන් අසාර්ථක විම හේතුවෙන් රුසියාව මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බවයි.
මේ වනවිට මුහුණ දී සිටින දැඩි මුල්‍ය අර්බුදයෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා පසුගියදා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කළේය. අදාල ණය මුදල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිතා කරන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.
රුසියාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව අතර මේවනවිට මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය පෝලන්ත සංචාරය අතරතුරදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින්. පෝලන්තයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා වෝසෝ නුවරදී ප්‍රකාශ කර ඇත්තේ ව්ලැදිමීර් පුටින්ට තවදුරටත් රුසියානු ජනාධිපතිධූරයේ රැඳී සිටිය නොහැකි බවයි.
යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධය අතහරින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවෙන් යළි ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් පැවසුවේ යුක්රේනය තුළ යුද්ධය වේගයෙන් ක්‍රියාත්මක බවයි.
Page 154 of 374