Saturday, July 05, 2025
Follow Us
චීන තානාපතිවරයා සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 02 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොංග් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

මෙම හමුව අතරතුර, ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහය පිළිබඳව විස්තර කළ තානාපති චෙන්හොංග් මැතිතුමා, ද්විපාර්ශ්වික කටයුතු සහ මෙරට වත්මන් ප්‍රවණතා හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ය.

 

විශේෂයෙන්ම මෙම වත්මන් තත්ත්වය හමුවේ චීනය ලබා දෙන නොමසුරු සහයෝගය අගය කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කිරීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. තවද, දෙරට අතර පවතින බහුවිධ සබඳතා සහ සමීප මිත්‍රත්වය දෙපාර්ශ්වයේ ඇගයීමට ලක්විය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 05 වැනි දින
LNW