Sunday, January 11, 2026
Follow Us
පන්දුවාර විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

වනිදු කඩුළු 4ක් දවාගනී


ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්ස තරගය කඩුළු 3කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 39ක් ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 36යි.
නායක දසුන් ශානක ලකුණු 14යි
භානුක රාජපක්ෂ ලකුණු 13යි.
වනිදු හසරංග ලකුණු 12යි.
ධනුශ්ක ගුණතිලක ලකුණු 4යි.
පැතුම් නිශ්ශංක ලකුණු 3යි.

පන්දු යැවීමේදී කේන් රිචඩ්සන් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක දි ලකුණු 126 ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ආරොන් ෆින්ච් ලකුණු 24ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

Aruna