Sunday, January 11, 2026
Follow Us
ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ඉහළට

ලෝකයම භයානක ආහාර අර්බුදයක් අභියස


රුසියාව, කළු මුහුද ආශ්‍රිතව යුක්රේනයට අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක් අභියස සිටින බව යුක්රේන ජනපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රුසියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් යුක්රේනයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් කුසගින්නට පත්වීමේ අවදානමක් පවතින බව යි.

රුසියාව යුක්රේනයේ වෙරළ තීරයේ විශාල කොටසක් අත්පත් කරගෙන ඇති අතර තිරිඟු, බඩඉරිඟු, එළවළු තෙල් ඇතුළු අපනයනයන්ට දැඩි බාධාවක් එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඒවායේ මිල ඉහළ යෑමට ද හේතුවක් වී ඇත.

Aruna