Monday, January 12, 2026
Follow Us
මැදපෙරදිග සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක්

කටාර් රාජ්‍යය හා පකිස්ථානය ඉන්දියාවෙන් සමාව ඉල්ලයි


මැදපෙරදිග රටවල් සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝකයේම අවධානය මේ පිළිබඳව යොමු වී තිබෙන්නේ ඇතැම් මැදපෙරදිග රටවල් තුළ ඉන්දීය නිෂ්පාදන අලෙවි කිරීම නතර කිරීමේ තීරණයත් සමඟ යි.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නිලධාරීන් දෙදෙනෙකු ඉස්ලාම් ආගමික නායක මුහම්මද්තුමන් සම්බන්ධයෙන් කළ අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස ඉන්දීය විරෝධයක් මතුව ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඇතැම් මැදපෙරදිග රටවල් විසින් සිය රටවල ඉන්දීය මහ කොමසාරිස්වරුන් කැඳවා මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සිදුකර ඇති බවයි.

මේ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින ලෙසට කටාර් රාජ්‍යය හා පකිස්ථානය ඉන්දීය රජයට දන්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.

Aruna