රුසියාවේ ජනාධිපතිධූරය සම්බන්ධයෙන් අමෙරිකාව සහ රුසියාව අතර මේවනවිට මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය පෝලන්ත සංචාරය අතරතුරදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින්. පෝලන්තයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපතිවරයා වෝසෝ නුවරදී ප්‍රකාශ කර ඇත්තේ ව්ලැදිමීර් පුටින්ට තවදුරටත් රුසියානු ජනාධිපතිධූරයේ රැඳී සිටිය නොහැකි බවයි.
යුක්රේනයට එරෙහිව ගෙන යන යුද්ධය අතහරින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවෙන් යළි ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් පැවසුවේ යුක්රේනය තුළ යුද්ධය වේගයෙන් ක්‍රියාත්මක බවයි.
යුක්රේනයේ සාම සාධක කටයුතු සඳහා සෙබළුන් යෙදවීමට නේටෝ සංවිධානය තීරණය කළහොත් යුක්රේනය තුළ සිදු කරන යුදමය මැදිහත්වීම නේටෝ රටවලට එරෙහි යුද්ධයක් දක්වා ව්‍යාප්ත වියහැකි බවට රුසියාව අනතුරු අඟවනවා. ඒ සඳහා වුවද රුසියාව සූදානම් බව පෙන්වා දෙන රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසන්නේ එය තවත් ලෝක යුද්ධයක් වනු ඇති බවයි.
රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ ඇතැම් නගර යුක්‍රේ්‍රන හමුදා යළි අත්පත් කරගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. එහි ආසන්නතම සිද්ධිය ලෙස කිව් අගනුවරට ආසන්න මකාරිව් නගරය යළි සියතට ගැනීමටයි යුක්‍රේන හමුදා සමත්වී ඇත්තේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ Changyong Rhee සිය ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, බංග්ලාදේශයේ ඩකා නුවර පැවති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 36 වැනි ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) අමාත්‍ය සැසිය අතරතුර දී, ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව, ඊට සහභාගී වූ නියෝජිත පිරිස දැනුම්වත් කළේය.2022 මාර්තු 8 සිට 11 යන දිනවල පැවති අන්තර් ක්‍රියාකාරී සැසියේදී, මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා ගනු ලැබූ නව්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
යුක්රේනය තුළ ආරම්භ කළ හමුදා මෙහෙයුමේ පළමු අදියර අවසන් බව රුසියාව පවසනවා. ඒ අනුව නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් කලාපය කෙරෙහි සම්පූර්ණයෙන් අවධානය යොමු කරන බවයි රුසියාව පවසන්නේ. කෙසේවෙතත් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා යුරෝපානු රටවල් පවසන්නේ පූර්ව යුද උපායන් අසාර්ථක විම හේතුවෙන් රුසියාව මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා 2022 මාර්තු 19 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.
මේ වනවිට මුහුණ දී සිටින දැඩි මුල්‍ය අර්බුදයෙන් යම් සහනයක් ලබා ගැනීම සඳහා පසුගියදා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය කටයුතු කළේය. අදාල ණය මුදල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා භාවිතා කරන බවයි ආණ්ඩුව ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව මෙරට චීන තානාපති කුයි ෂැං හොං පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චීන තානාපතිවරයා පැවසුවේ අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බවයි.
Page 151 of 371