ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය සිව්දෙනා අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව ඉලක්ක කළ හැකි රොකට් පද්ධති යුක්රේනයට ලබානොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාවට එරෙහි සටන සඳහා දිගු දුර රොකට් පද්ධති යුක්‍රේනයට ලබා දීමට ඇමරිකාව සූදානම් වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
පාකිස්තානය මේවනවිට මුහුණ පා ඇති දරුණු ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා විදෙස් රටවල සිටින එරට ශ්‍රමිකයින් වැඩි දායකත්වයක් සපයා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව 2021 - 2022 වසර තුළ පාකිස්තානයට සැලකිය යුතු ප්‍රේෂණ ගලාඒමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Sri Lanka is in discussion with India for another credit line of US $ 500 million for fuel imports, Daily Mirror learns.
The British High Commission in Colombo recently commissioned a review to look at the impact of UK support to the Sri Lankan police to date, identify lessons learned and make recommendations with regards to future programmes, the British government said last Friday.
Chinese Ambassador Qi Zhenhong highlighted a five–point assistance from China to Sri Lanka in view of the economic crisis, fast-track ongoing projects and more FDI (Foreign Direct Investment) and Trade, bilateral debt settlement, support to Sri Lanka in its talks with the International Monetary Fund (IMF) and regarding International Sovereign Bonds and tourism after Covid, a statement from the Embassy said.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය. ජී එල් පීරිස් මැතිතුමා 2022 මැයි 27 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය හමුවී ද්විපාර්ශ්වික සබඳතා, මෙරට වත්මන් ප්‍රගතිය සහ රට මුහුණ දෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීම යනාදිය පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වී ය.
අමෙරිකානු ඩොලර් මිලියන 2 යි දශම 2 ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය මෙරටට පරිත්‍යාග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තරීක් එම් ඩී අරිෆුල් ස්ලාම් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම ඖෂධ තොගය භාරදුන් බවයි.
පුද්ගලයින් 22 දෙදෙනෙකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ නේපාල ගුවන් යානය කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කළා. එම ගුවන් යානය නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් වූ අතර අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 19 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිට තිබෙනවා.
පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා යුක්රේනය සමග සාකච්ඡා මාර්ගයකට එළඹීමට සූදානම් බව රුසියාව යළිත් වරක් අවධාරණය කරනවා. ප්‍රංශ සහ ජර්මානු නායකයින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති කාර්යාලය ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීම සදහා සම්මුති ගිවිසුමකට එලඹීමට යුරෝපා සංගමය එකගත්වයකට පැමිණ තිබෙනවා. ඒ අනුව රුසියානු තෙල් ආනයනයෙන් 3න් 2කට වඩා අවහිර කිරීමේ සැලැස්මකට යුරෝපා සංගම් නායකයන් එකගතාව පල කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
Page 151 of 384