Wednesday, September 17, 2025
Follow Us
විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ හමුවී තිබෙනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීවයි.

එහිදී මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර පද්ධතිය සමඟ අවංකව සහ විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වෙත පවසා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

ඊට අමතරව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය, මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන ඇතුළු දේශීය යාන්ත්‍රණ මගින් මේවනවිට ශ්‍රී ලංකාව අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය දැනුවත් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා මීට පෙර කළ ආරාධනය තවමත් පවතින බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ වෙත දැනුම් දුන් බව ද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

Neth