Sunday, January 11, 2026
Follow Us
මෙරටට ගෙන්වූ ෆයිසර් එන්නත් තොගයක් වෙනත් රටකට යැවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා

කොවිඩ් මර්ධනය සඳහා ජනතාවට ලබාදීමට මෙරට ගෙන්වන ලද ෆයිසර් එන්නත් තොගය එළඹෙන ජූලි මාසයෙන් පසු කල් ඉකුත් වනවා. ඇතැම් පුද්ගලයින් එම එන්නත ලබා ගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් යම් එන්නත් ප්‍රමාණයක් අපතේ යාමේ අවධානමක් පවතින බවයි වාර්තා වුණේ.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් කළ කරුණු විමසීමකදී ඔහු අදහස් දැක්වූයේ මෙලෙසයි.

අදාල ෆයිසර් එන්නත් තොගය කල්ඉකුත් වීමට පෙර වෙනත් රටකට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා පවත්වමින් ඇති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

Neth