Wednesday, September 17, 2025
Follow Us
චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව වෙත සතියකට ගුවන් ගමන් වාර 03ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට චීනය වෙත වැඩි වාර ගණනක් පැමිණීමටද අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හමුවූ අවස්ථවේදීයි.

චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදී ඇති බවද එම සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා. ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහිද එහිදී දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Neth