The British High Commission in Colombo recently commissioned a review to look at the impact of UK support to the Sri Lankan police to date, identify lessons learned and make recommendations with regards to future programmes, the British government said last Friday.
The UK is working closely with fellow Paris Club members to discuss potential solutions to Sri Lanka’s external debt crisis, the UK Parliament was told this week.
Indian Prime Minister Narendra Modi said that Sri Lanka is passing through difficult times and as a close friend and neighbour, India is providing all possible support to Sri Lanka.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය. ජී එල් පීරිස් මැතිතුමා 2022 මැයි 27 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මැතිනිය හමුවී ද්විපාර්ශ්වික සබඳතා, මෙරට වත්මන් ප්‍රගතිය සහ රට මුහුණ දෙන අභියෝග අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සහය ලබාගැනීම යනාදිය පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වී ය.
ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ සහ වෙනත් වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාර දී තිබෙනවා. ටොන් 25කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට ආසන්නයි.
විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිතවරයා සහ ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ දේශීය අධ්‍යක්ෂවරයා හමුවෙයි (WFP).
පුද්ගලයින් 22 දෙදෙනෙකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ නේපාල ගුවන් යානය කඩාවැටී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කළා. එම ගුවන් යානය නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් වූ අතර අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 19 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිට තිබෙනවා.
ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 මැයි 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය හමුවිය.
පවතින යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා යුක්රේනය සමග සාකච්ඡා මාර්ගයකට එළඹීමට සූදානම් බව රුසියාව යළිත් වරක් අවධාරණය කරනවා. ප්‍රංශ සහ ජර්මානු නායකයින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති කාර්යාලය ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද හමු වුණා. දේශපාලන ස්ථාවරත්වය ඇති කර වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු තානාපතිනිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
Page 138 of 371