Friday, April 26, 2024
Follow Us
ඉන්දියාව, බ්‍රිතාන්‍යයෙන් නිදහස් වී අදට වසර 75 යි

ඉන්දියාව අද සිය 75 වන ජාතික නිදහස් දිනය සමරනු ලබනවා. බි්‍රතාන්‍යයට යටත්වි තිබූ ඉන්දියාව නිදහස ලබන්නේ 1947 අගෝස්තු 15 වනදා අද වැනි දිනකයි. එදින ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු ඓතිහාසික රතු චත්‍රරශයේ සිට ඉන්දීය ජාතික ධඡය ඉහළට ඔසවමින් නිදහසේ සැමරීම ලෝකයට කියාපෑවා.

නිදහස ලබා 75 වන දිනය සමරන අදත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිට ජාතික ධඡය ඔසවමින් එරට ජාතික නිදහස් දිනයේ සැමරුම් ආරම්භ කිරීමට නියමිතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 75 වන නිදහස් දිනය වෙනුවෙන් රටපුරා විශේෂ සැමරුම් මාලාවක් සංවිධාන කර ඇති බවයි.

ඉන්දියාව පුරා නිවාසවල කෝටි 20 කට අධික ඉන්දීය ධඡය එසවීම ඒ අතරින් ප්‍රධානයි. එමෙන්ම ඉන්දියාවේ වැදගත් ස්ථාන එරට ජාතික ධඡයේ වර්ණයෙන් අලෝකමත් කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
මෙම සියලු සැමරුම් හේතුවෙන් ඉන්දියාවේ ආරක්‍ෂාවද දැඩි කර ඇති බවයි එරට මාධ්‍ය අද වාර්තා කළේ.

Neth