ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව පවසයි.
ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු රුපියල් බිලියන 2 කට අධික ඖෂධ සහ කිරිපිටි මෙන්ම සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගය රැගත් නෞකාව 22 පස්වරුවේ කොළඹ වරායට ලගා වුණා.
අවම වශයෙන් ජුනි මස මැද භාගය වනවිටවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. IMF සමග එකඟතාවයකට පැමිණියහොත් එය අනෙක් රටවල් සහ මුල්‍ය සංවිධාන සමග පවත්වන සාකච්ඡා සඳහා වාසි සහගත වනු ඇති බවටයි අගමැතිවරයා විස්වාසය පළ කරන්නේ.
ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ජා සිදුකිරීම සඳහා ලොව සුප්‍රසිද්ධ මුල්‍ය සහ නීති උපදේශන සමාගම් වන Lazard සහ Clifford Chance හී සේවය ලබා ගැනීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.
ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගයක් දිවයිනට අද ලැබීමට නියමිතව තිබෙනවා. ඒවා ප්‍රංශ රජයෙන් ආධාර ලෙස ලැබීමට නියමිතයි. ඒ අනුව සියලුම හදිසි ශල්‍යාගාර ඒකක දින 90 කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණ කළේ.
මුහුණ දී සිටින ඩොලර් අර්බුදයට පිළියම් ලෙස තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටිනවා.
වසර 10 කට ආසන්න කාලයකදී සිදුවූ බල පෙරළියක් ද සමගින් ඕස්ට්‍රේලියාවට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වී තිබෙනවා. ඒ, ඊයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රථිපල අනුවයි.
IMF expected to issue statement on progress of technical level talks with Sri Lanka shortly
The Central Bank said they have finalised the two sets of financial and legal advisors to negotiate with multiple creditors of Sri Lanka and the selected parties would be submitted for final approval.
Page 139 of 371