Monday, January 12, 2026
Follow Us
පොදුරද මඩුළු ක්‍රීඩා උලෙළට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දස දෙනෙකු අතුරුදන්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල සදහා සහභාගිවීමට බි්‍රතාන්‍ය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ දස දෙනෙකු බලධාරීන්ට නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අතරින් තුන් දෙනෙකු පසුගිය සතියේදී පැනගොස් තිබූ අතර සෙසු හත් දෙනා ඉකුත් දින කිහිපයේදී නොදන්වා කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස රැකියා සොයා ගැනීමේ අපේක්‍ෂාවෙන් කණ්ඩායමෙන් පැන යන්නට ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයන් හමුවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වන්නට ඇති බවද ඒ එෆ් පී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලට සහභාගිවීම සදහා ක්‍රීඩකයින් සහ නිලධාරීන් 160කට ආසන්න පිරිසක් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බවට එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.

Neth