Thursday, September 18, 2025
Follow Us
සියයට 51.7 කින් ඉන්ධන මිල ඉහළ යයි – විරෝධතා රැසක් ආරම්භ වෙයි

ඉන්ධන මිල වැඩිවීමට හේතුව රුසියා – යුක්රේන අර්බුදය


ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බංග්ලාදේශයේ විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විරෝධතාකරුවන් පවසන්නේ ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ද ඉහළ ගොස් ඇති බවයි.

මීට දින හතකට පෙර බංග්ලාදේශ රජය සියයට 51.7 කින් ඉන්ධන මිල වැඩි කරනු ලැබුවේ රුසියා – යුක්රේන අර්බුදය හේතු ලෙස දක්වමින්.

මීට පෙර පෙට්‍රල් ලීටරයක් එරට මුදල් ඒකකය වන ටකා 86 ක් ලෙස පැවති අතර නව සංශෝධනයෙන් එය ටකා 130 ක් දක්වා ඉහළ දැමුණා.

ඩීසල් සහ භූමිතෙල් මිල ද සියයට 42කින් වැඩිකර තිබෙනවා.

Aruna