Monday, January 12, 2026
Follow Us
International Affairs

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා 2022 ජූලි 28 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

International Affairs

ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාට පකිස්තාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි සුබ පැතුම් එක්කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පකිස්තාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දෙරට අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බවයි.

International Affairs

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් අතර හමුවක් පැවැත්වුණා. ඒ, කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. එහිදී චීන අග්‍රාමාත්‍ය ලී කේක්වෑන්ග් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත එවන ලද සුභාශිංසන පණිවිඩයක් ද චීන තානාපතිවරයා විසින් එහිදී නිල වශයෙන් භාර දී තිබෙනවා.

International Affairs

චීනයේ දැඩි අනතුරු ඇගවිම් නොතකා අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියා. ඒ, ඇයගේ ආසියානු නිල සංචාරයට සමගාමීවයි. ඒ අනුව අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරියෙකු නිල සංචාරයක් සඳහා තායිවානයට පැමිණියේ වසර 25 කට පසුව වීම විශේෂත්වයක්.

International Affairs

රට තුළ ක්‍රියාත්මක හදිසි නීතිය තවත් දීර්ඝ කිරීමට මියන්මාරයේ පාලක හමුදා ජුන්ටාව තීරණය කර තිබෙනවා. ඒ අනුව 2023 වසර දක්වා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක බවයි මියන්මාර හමුදා ජුන්ටාව නිවේදනය කළේ.

International Affairs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම බංග්ලාදේශයට හිමිවන්නේ නම් ඊට පෙර බංග්ලාදේශයෙන් ලබාගත් ණය මුදලක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා.

International Affairs

බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව වටයේ තරඟ අද පැවැත් වෙනවා. ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන එම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11යි 55ට පමණ ආරම්භ වීමට නියමිතයි.

International Affairs

අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් කියා සිටියේ පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවරදී සී අයි ඒ සංවිධානය සිදු කළ ත්‍රස්ථ විරෝධී මෙහෙයුමකදී අල් කයිඩා නායකයා මිය ගොස් ඇති බවයි.

International Affairs

ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක්.

International Affairs

2022 ආසියානු කුසලාන 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන එළි දක්වා තිබෙනවා. ඒ අනුව, මෙම මස 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.

International Affairs

ලංකාවට සහාය දෙන බව මෝදි කියයි

International Affairs

මතභේදයට තුඩු දී ඇති චීනයට අයත් යුවාන් වැන්ග් 5 නම් නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පවසන්නේ අදාළ නෞකාව මෙරට ආරක්ෂක අමාත්‍යංශයෙන් එම ඉල්ලීම කර ඇති බවයි.

International Affairs

ජගත් මහලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්

International Affairs

New financing dependent on adequate macroeconomic policy framework with deep structural reforms

International Affairs

ජූලි මාසයේ උද්ධමනය සියයට 60 යි දශම 08 ක් දක්වා ඉහල ගියද, එම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

International Affairs

Calls on all parties to respect the rule of law, and refrain from violence and damage

International Affairs

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මැතිතුමා 2022 ජූලි 28 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. සබ්‍රි මැතිතුමාගේ නව පත්වීම පිළිබඳව සුබපැතුම් පළ කළ තානාපති මැටේරි මැතිතුමා, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සෙර්ගේ ලැව්රොෆ් මැතිතුමා අභිනව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත නිකුත් කරන ලද සුබපැතුම් පණිවිඩයක් භාර දුන්නේ ය.

International Affairs

British High Commissioner to Sri Lanka Sarah Hulton called on President Ranil Wickremesinghe at the Presidential Secretariat on Thursday and discussed matters of mutual interest.