Tuesday, January 13, 2026
Follow Us
ෂින්සෝ අබේට අවසන් ගෞරව දැක්වීමට ලෝක නායකයින් රැසක් එක්වෙයි

ජපානයේ හිටපු අග්‍රාමා්‍ය ශින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය ටෝකියෝහිදී මේ වන විට පැවැත්වෙනවා. එහි ආරක්ෂාව සඳහා 20,000 ක පමණ පොලිස් බලඇණියක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෂින්සෝ අබේට අවසන් ගෞරව දැක්වීම සඳහා අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු රාජ්‍ය නායකයින් 50 දෙනෙකු පමණ එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

සාහිසකයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඉකුත් ජූලි මාසයේදී ඝාතනයට ලක්වූ ෂින්සෝ අබේ 67 වන වියේ පසුවුණා. ජපාන අග්‍රාමාත්‍ය ධූරය වැඩිම කාලයක් හොඹවා ඇත්තේ ද ෂින්සෝ අබේයි.

Neth