Thursday, April 18, 2024
Follow Us
දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවයත් ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්.

දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය මෙවර පැවැත්වුණේ පස්වන වරටයි. ඊට සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව 6ක්. එහි අවසන් තරගය මාලේ නුවරදී පැවැත්වණා. එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමයි.

තරඟයේ පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගත් අතර දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා පැසිපන්දු ක්‍රීඩිකාවන් සමත් වුණා.

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව අඛණ්ඩව හිමිකරගත් දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර මෙම වසරේ ආසියානු ක්‍රිකට් ශූරතාව මෙන්ම ආසියානු දැල්පන්දු ශූරතාව ද ශ්‍රී ලංකාවට හිමි වුණා.


Neth