Tuesday, January 13, 2026
Follow Us
ජනපති රනිල් ජපන් අගමැති සහ අධිරාජ්‍යයා හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා අතර හමුවක් (28) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාළිගාවේ දී පැවැත්විණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව උණුසුම් ලෙස පිළිගත් ජපාන අග්‍රමාත්‍යවරයා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් එතුමා වෙත සිය සුභාශීංසන පිළිගැන්විය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතෙන සමීප සබඳතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මේ අතර ජපාන අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද (28) පෙරවරුවේ සිදු විය.

අධිරාජ්‍යයාගේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මන්දිරයේ දී මෙම හමුව සිදුවූ අතර එහි පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාව නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.‍

LNW