Wednesday, April 24, 2024
Follow Us
ඩොලරය ඉදිරියේ චීන මුදල් ඒකකයත් අවප්‍රමාණය වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව චීන යුවාන් මුදල් ඒකකය ද වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා. එය සැලකෙන්නේ 2008 වසරෙන් පසු චීන මුදල් ඒකකයේ වාර්තා වූ පහළම අගය ලෙසයි.

අමෙරිකානු මහ බැංකුව මේ මස මුලදී සිය පොළී අනුපාත යළි ඉහළ දැමුවා. ඒ අනුව ලොව සෙසු ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා.

පවතින තත්ත්වය මත ඊයේ දිනයේදී ආසියාවේ ප්‍රධාන කොටස් වෙළඳපොල මිල දර්ශක ද කඩා වැටුණා. ඒ අතරට හොංකොං, ජපානය සහ දකුණු කොරියාවේ කොටස් වෙළඳපොලද අයත්.

බ්‍රිතාන්‍යයේ පවුම ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත්දා පහළ ගියා.


Neth