ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් කතාබහක් මතු වූ ඉන්දීය අදානි සමාගමේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දියාවෙන් නව ක්‍රිකට් වගකීමක් පැවරී තිබෙනවා. ඒ, මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ගෝලීය කාර්යසාධන ප්‍රධානියා ලෙස පත් කරමින්. මුම්බායි ඉන්දියන්ස් සන්නාමය ලොව පුරා වඩාත්ම ආදරය කරන ක්‍රිකට් සන්නාමය බවට පත් කිරීම මහේලට පැවරෙන ප්‍රධාන වගකීමයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් කතාබහක් මතු වූ ඉන්දීය අදානි සමාගමේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි, ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර සංවර්ධන සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය හෙවත් USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 65 ක ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, වසර පහක කාලයක් සඳහායි. එහි ශ්‍රී ලංකා වටිනාකම රුපියල් බිලියන 23 ට අධිකයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම මස අගදී මෙම යෝජනාව ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.
2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙනවා. ඒ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ලසාඩ් ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුද විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් සිදුකළ යුතු බවට යෝජනාවක් ඇමරිකානු සෙනෙට් සභාවට ඉදිරිපත් කර තිබෙනවා. සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩස් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ කමිටුවේ සෙසු සාමාජිකයන් වන ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහි, කෝරි බුකරි යන සෙනෙට් සභිකයන්ගේ පූර්ණ එකඟතාවය සහිතවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදලට ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ වාර්තාවෙන් බාධාවක් ඵල්ල නොවනු ඇතැයි ආර්ථික විශ්ලේෂයකින් පවසනවා.
කොරියානු භාෂා ප්‍රවීණතාවය නොමැති මෙරට පුද්ගලයන්ට හදුන්වා දී ඇති ක්‍ෂේත්‍ර කිහිපයක එරට රැකියාවල නිරතවීමට අවස්ථාව පවතින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.
Page 119 of 380