ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඉකුත් සිකුරාදා (09) දින නව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය හමුවී ඇත.
ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකානු අධාර (USAID) වැඩසටහනේ පරිපාලන නිලධාරීනී සමන්තා පවර් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.
දෙවන එළිසබෙත් රැජිණගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ එඩින්බරෝහි සාන්ත ජයිල්ස් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ස්කොට්ලන්ත වැසියන්ට රැජිණට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව හිමිවන අවසන් දිනය අදයි. ඒ අනුව අද පස්වරුවේ රාජකීය දේහය එංගලන්තය බලා රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.
තරගයේ වීරයා භානුක – තරගාවලියේ වීරයා වනිදු
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.
ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත්වූ වාර්තාවට ශ්‍රී ලංකාවට පක්ෂව විදෙස් රටවල් රැසක් පෙනී සිට තිබෙනවා. එම සැසියට එක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ ඊශ්‍රායල නියෝජිත ජනත් විමල පැවසුවේ ශ්‍රී ලංකාවට සහය දක්වන ලෙසට එම රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් ද කළ බවයි.
-US calls for accountability for protest-related violence
-UK dismayed about violence used against protesters
-EU condemns unwarranted use of force against peaceful demonstrators
අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එරට එඩින්බර්ග් නුවර හෝලිරූඩ් හවුස් වෙත රැගෙන එමින් තිබෙනවා.
සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ. මෙම පරිත්‍යාගය සැම්බියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් එල්මෝ ජයතිලක මහතා සහ රොනී පීරිස් මහතා විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ශ්‍රී ලංකාවේ සිට එය සම්බන්ධීකරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Page 120 of 380