Wednesday, January 14, 2026
Follow Us
ඉන්දියානුවෙක් බ්‍රිතාන්‍ය අගමැති පුටුවට ළංවෙයි

ලිස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන විට තුකන්කොන් සටනක් නිර්මාණයවී තිබෙනවා. ඊට කාන්තාවක් ද අයත්. එම නාම යෝජනා අතර ලීස් ට්‍රස්ට පෙර අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වූ බොරිස් ජොන්සන් ද සිටීම විශේෂත්වයක්. පෙනී මෝඩන්ට් කාන්තා චරිතයයි.

කෙසේවෙතත් මේ වන විට කාගේත් අවධානයක් යොමුව ඇත්තේ කන්සර්වේටිව් පක්ෂයේ ජනප්‍රිය දේශපාලනඥයෙකු වන රිෂී සුනක් වෙතයි.

මෙම තිදෙනා අතරින් එක් අයෙකු ලබන සතිය වන විට අග්‍රාමාත්‍ය ධූරයට තෝරා ගැනෙන අතර එය සිදු කෙරෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්.

මේ වන විටත් වැඩිම පිරිසකගේ ප්‍රසාදය හිමිව ඇත්තේ රිෂී සුනක් වෙතයි. රිෂී සුනක් යනු ඉන්දීය සම්භවයක් ඇති අප්‍රිකානු හින්දු මව්පියන්ට දාව 1980 දී බි්‍රතාන්‍යයේ උපත ලැබූ අයෙක්. මේ වන විට නිකුත්වී ඇති නවතම වාර්තාවල දැක්වෙන්නේ බොරිස් ජොන්සන් අභිබවා රිෂී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට පත්වන බවයි.

ඊට හේතුවී ඇත්තේ අපකීර්තිමත් දේශපාලන සිද්ධි හේතුවෙන් බොරිස් ජොන්සන් ඉකුත් ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමයි.

එහෙත් ඔහු ද යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමේ ඉඩක් ඇති බව විදෙස් මාධ්‍යයන්හි සඳහන්. කෙසේවෙතත් මෙම තිදෙනාම අග්‍රාමාත්‍ය ධූරයට තරඟවදිනවාදැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නැහැ.

Neth