Wednesday, January 14, 2026
Follow Us
ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ සුපිරි වටය අද ඇරඹේ

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටය අද ආරම්භ වනවා. ඒ අනුව පළමු කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය එම වටයට සෘජුවම සුදුසුකම් ලැබුවා.

ශ්‍රී ලංකාව එම කාණ්ඩයට තේරී පත් වුණේ සුදුසුකම් ලැබීමේ වටයේදී A කාණ්ඩයේ පෙරමුණ ගනිමින්. සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් අයර්ලන්ත කණ්ඩායම ද මෙම කණ්ඩායම් අතරට අයත්.

සුපිරි 12 දෙනාගේ වටයේ දෙවන කාණ්ඩයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සෘජුවම සුදුසුකම් ලැබුවා. නෙදර්ලන්තය එම කාණ්ඩයට තේරී පත් වුණේ සුදුසුකම් ලැබීමේ වටයේදී A කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වෙමින්. සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් අයර්ලන්ත කණ්ඩායම ද මෙම කණ්ඩායම් අතරට අයත්.

අද ආරම්භ වන්නේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරඟයි. ඒ අනුව පළමු තරඟය ලෙස ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අද තරඟ බිමට පිවිසෙනවා. දෙවන තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතරයි.

මෙම කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය හෙට පැවැත්වෙනවා. ඒ, අයර්ලන්තය සමඟයි. ලෝකයම බලා සිටින ඉන්දු - පාකිස්තාන තරඟය ද පැවැත්වෙන්නේ හෙටයි.

Neth