Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකාවට කඩුලු 09ක ජයක්

විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 09කින් ජයග්‍රහණයක් වාර්තා කළා.

ලකුණු 129ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 15කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් රැස් කළා. ධනංජය සිල්වා ලකුණු 31ක් සහ චරිත් අසලංක නොදැවී ලකුණු 31ක් රැස් කළා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය සිය පන්දු වාර 20 තුලදී කඩුලු 8ක් දැවී ලකුණු 128ක් රැස් කර ගනු ලැබුවා.

Neth