Miss Sri Lanka New York 2022 තරගයෙන් ඇන්ජලීයා ගුණසේකර ජයග්‍රහණය කරනු ලැබුවා.
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටය අද ආරම්භ වනවා. ඒ අනුව පළමු කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය එම වටයට සෘජුවම සුදුසුකම් ලැබුවා.
බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වී තිබෙනවා. ඒ එම පක්ෂයෙන්ම නායකත්ව සටනට ඉදිරිපත්ව සිටින ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක්ට අවස්ථාව ලබා දෙමින්.
ලීස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියත් සමඟ එරට දේශපාලනය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. නාම යෝජනා භාරගැනීම සඳුදා පස්වරු 02 ට අවසන් වන නමුත් එම ධූරයට තරඟවදින්නේ කවුරුන්දැයි මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශවී නැහැ.
ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීන ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රුසියානු රජය සමඟ ඵලදායී සාකච්ඡාවක් (17) දින පැවැත්වූ බව මොස්කව්හි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්තය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 09කින් ජයග්‍රහණයක් වාර්තා කළා.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සුඑල්ලා බ්‍රේවර්මන් මහත්මිය එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
චීනයේ දේශපාලන ඉතිහාසය අළුත් කරමින් ජනාධිපති සී ජින්පින් අද සිය බලය තවදුරටත් තහවුරු කර ගත්තා. ඒ චීනයේ ජනාධිපතිවරයා ලෙස සිය තුන්වන ධූර කාලය තහවුරු කර ගනිමින්. චිනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන කොංග්‍රස් සමුළුව ඊයේ අවසන් වුණා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) පවසයි.
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දූෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදිකරු බවට ඒකමතිකව මැතිවරණ කොමිසම විසින් තීරණය කිරීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට පත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරග දෙක අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.
ලිස් ට්‍රස්ගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය සඳහා මේ වන විට තුකන්කොන් සටනක් නිර්මාණයවී තිබෙනවා. ඊට කාන්තාවක් ද අයත්. එම නාම යෝජනා අතර ලීස් ට්‍රස්ට පෙර අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වූ බොරිස් ජොන්සන් ද සිටීම විශේෂත්වයක්. පෙනී මෝඩන්ට් කාන්තා චරිතයයි.
මෙවර මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට සහන සැළසීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර තිබේ.
Page 118 of 388