Friday, August 14, 2026
Follow Us
Economic
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්රී ලංකා) සමාගමේ කළමනාකාරීත්වය සමඟ පැවැත්විණි. අනතුරුව අමාත්යවරයා ගුවන්තොටුපළ පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. මෙම සාකච්ඡාව සහ නිරීක්ෂණය තුළ ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
Economic

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දමා තිබේ.

Economic

ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කර තිබේ.

Economic
රාගම පුනරුත්ථාපන රෝහලේ භාවිතයෙන් ඉවත් කර තිබූ ලක්ෂ 30 ක උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් පන්දහසකටත් අඩු මුදලකින් අලුත්වැඩියා කරයි....
Economic

ශ්‍රී ලංකාව, කලාපීය සහයෝගීතාවයට සහ ජාත්‍යන්තර සබඳතාවන්ට කැපවූ, විවෘත හා විශ්වාසනීය හවුල්කරුවෙකු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Economic
දේශීය අර්තාපල් ගොවින් සාධාරණ වෙළෙඳපොළ මිලක් සහිතව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනට අර්තාපල් ආනයනය මත කිලෝ ග්රෑමයක් සඳහා රුපියල් 80/- ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
Economic
ශ්රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන "SRI LANKA EXPO" ප්රදර්ශනය පිළිබඳව රාජ්ය තාන්ත්රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (12) විදේශ අමාත්යාංශයේ දී පැවැත්විණි.
Economic
ඉරාන මිලිටරි මධ්යස්ථානයකට අමෙරිකානු හමුදා ප්රහාර එල්ල කර ඇති බවට ජාත්යන්තර මාධ්ය වාර්තා කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලද සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වෙයි.
Economic
ශ්රී ලංකා ආර්ථිකය 2025 වසරේදී 5% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශ කරන ලදී. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ශ්රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමින් ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්රධාන ආර්ථික අංශයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව පැවැසුහ.
Economic
2026 වර්ෂය සඳහා වෙන් වූ අයවැය මුදලින් ජාතික පාසල් සහ විද්යාපීඨ සංවර්ධනය සඳහා ඉතිහාසය තුළදී වෙන්වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5 ක මුදලක් වෙන්කර ඇති බවත්, එමෙන්ම පාසල් අලුත්වැඩියා කටයුතු සඳහාද රුපියල් බිලියන 5ක් වෙන්කර ඇති බවත් අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Economic
අස්වැසුව සුබසාධක ප්රතිලාභ අරමුදල යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා අදාළ මුදල් ගිණුම්වෙත බැරකර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
Economic

ඉන්දීය යුද නෞකාවක් වන IOS Sagar නෞකාව ඊයේ කොළඹ වරායට පැමිණියේය.

Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිිරීමෙන් අනතුරුව එහි 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

Economic

2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.784ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.

අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

2026 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් දක්වා ඉහළ ගිය අතර, එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% ක වර්ධනයක් සනිටුහන් කරන බවද ඒ මහතා පැවසීය. මෙම කාලය තුළ භාණ්ඩ අපනයන ආදායම 9.87% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,063.77ක් ලෙස වාර්තා වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317.16ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එමගින් මෙරට සමස්ත අපනයන කාර්යසාධනය මෙහෙයවීමෙහිලා සේවා අංශයේ වර්ධනය වන වැදගත්කම සහ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය මැනවින් පිළිබිඹු වේ.

2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784.38ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 4.3% ක වර්ධනයකි. මෙම කාලසීමාව තුළ භාණ්ඩ අපනයන ආදායම 4.8% ක වර්ධනයක් සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 4,524.62ක් වූ අතර, සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,259.76ක් දක්වා ඉහළ ගොස් ඇත. අභියෝගාත්මක ගෝලීය ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද අත්පත් කරගත් මෙම ප්‍රගතිය හරහා මෙරට අපනයන අංශයේ පවතින ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය මෙන්ම දැනුම මත පදනම් වූ ආර්ථිකයේ වර්ධනය වන වැදගත්කම මැනවින් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම ප්‍රගතිය හරහා ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ පවතින ශක්තිමත්භාවය (Resilience) මැනවින් පිළිබිඹු වන බවයි. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක වන උපායමාර්ගික පියවරයන් සහ වෙළඳපල විවිධාංගීකරණ ප්‍රයත්නයන් ඉදිරි අපනයන ඉලක්ක සපුරා ගැනීමට තවදුරටත් ශක්තියක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Economic

මෙරට දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පසුගිය 10වන දින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.

Economic
ග්රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
Economic

පසුගිය දින කිහිපයේම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියලේ අගය, සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව 'Bloomberg' වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 

Economic
ඇමරිකාවට මත්ස්ය අපනයනයට ශ්රී ලංකාවට පනවා තිබූ බාධා ඉවතට
 
ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ස්ය නිෂ්පාදන අපනයනය කිරීමේ දී "සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත" (MMPA) යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්රී ලංකාව සමත්වීමත් සමඟ, මෙරට මුහුදු කකුළුවන් (Blue Swimming Crab) ඇමරිකානු වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා පැවති බාධා ඉවත් වී ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය නිවේදනය කරයි.