Friday, August 14, 2026
Follow Us
ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක සහ අගමැතිනිය අතර හමුවක්
ඕමාන සුල්තාන් රාජ්යයේ වාණිජ අමාත්යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අගෝස්තු 13 දින අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
ශ්රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම, ව්යාපාරික හවුල්කාරිත්වයන් සඳහා රට තුළ පවතින හිතකර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
තෝරාගත් ව්යාපෘති සඳහා අරමුදල් සැපයීමට මෙන්ම ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට ඕමානය සූදානම් බව පන්කාජ් ඛිම්ජි මහතා මෙහිදී ප්රකාශ කළේය.
ආයෝජන වැඩි වශයෙන් ශ්රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්රී ලංකාවේ පවතින විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස අග්රාමාත්යතුමිය ඕමාන ආයෝජකයින් වෙත ආරාධනා කළාය. දෙරටේ ව්යාපාරික ප්රජාවන් අතර වඩාත් සමීප සබඳතා ගොඩනැගීම පිළිබඳව ද අග්රාමාත්යතුමිය මෙහිදී අවධානය යොමු කළා ය.
වෙළෙඳ, ආයෝජන සහ ව්යාපාරික සහයෝගිතාව සඳහා නව ක්ෂේත්ර හඳුනාගැනීමේ වැදගත්කම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පෞද්ගලික අංශ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ව්යාපාරික සහයෝගිතාව පහසු කිරීම සඳහා ශ්රී ලංකා–ඕමාන් ව්යාපාරික සභාවක් ස්ථාපිත කිරීම පිළිබඳව යෝජනාවක් ද ඕමාන නියෝජිත පිරිස මෙහිදී යෝජනා කළ අතර වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඕමාන් සුල්තාන් රාජ්යයේ තානාපති අහමඩ් අල්-රෂ්ඩි මහතා, උපදේශක කාර්යාලයේ ව්යාපෘති අංශයේ අධ්යක්ෂ මූසා අල්-ඛරුසි මහතා, අග්රාමාත්ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය මෙන්ම විදේශ කටයුතු අමාත්යාංශයේ සහ විදේශ රැකියා අමාත්යාංශයේ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.