ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙහිදී අද අලුයම එරට සිදුවූ දරුණු භූමිකම්පාවෙන් පැය කිහිපයකට මෙවැනි භූමිකම්පාව ඇතිවීම සුවිශේෂී වේ.
ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් එම භූමිකම්පාවක් හට ගත් අතර එම භූමිකම්පාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 38ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
කෙසේ නමුත් අද පස්වරුවේ ඇතිවූ භූමිකම්පාවෙන්ද ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.