දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.