Wednesday, May 20, 2026
Follow Us
ආනයනික කිරි පිටි මිල ඉහළට

ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.