දේශීය අර්තාපල් ගොවින් සාධාරණ වෙළෙඳපොළ මිලක් සහිතව ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනට අර්තාපල් ආනයනය මත කිලෝ ග්රෑමයක් සඳහා රුපියල් 80/- ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
නුවරඑළිය හා බදුල්ල දිස්ත්රික්කවල අස්වනු නෙළන සමය ආරම්භයේ දී, අතරමැදියන් හා තොග වෙළෙන්දන් අර්තාපල් කිලෝග්රෑමයක් සඳහා රුපියල් 200/- සිට රුපියල් 220/-දක්වා ගොවිපොළ අලෙවි මිලක් පනවා ඇති අතර, ඉදිරි දිනවල අස්වනු පරිමාව ඉහළ යාමත් සමඟ එම මිල උච්ඡාවචනය වීමට හැකියාව පවතී.
මෙරට අත්යවශ්ය ආහාර ද්රව්යවල දේශීය සැපයුම උපරිම අයුරින් සහ උචිත පරිදි ආරක්ෂා කිරීමේ හා ප්රවර්ධනය කිරීමේ අවශ්යතාව සැලකිල්ලට ගනිමින්, දේශීය අර්තාපල් ගොවීන්ගෙන් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් සෘජුවම අර්තාපල් මිල දී ගැනීමටත්, එම තොග සීමාසහිත ලංකා සතොස සමාගම වෙත අලෙවි කර, එම සමාගමේ සිල්ලර අලෙවි සැල් ජාලය හරහා වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමටත් සැලසුම් කරනු ලැබ ඇත.
ඒ අනුව, එක් අර්තාපල් ගොවියෙකුගෙන් උපරිම කිලෝග්රෑම් 1,000 ක් පමණ මිල දී ගැනීමට යටත්ව, යෝජිත ක්රමවේදය ක්රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්යවරයා; සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී