Sunday, June 14, 2026
Follow Us
SRI LANKA EXPO 2027 ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක්
ශ්රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සහ ආයෝජකයින් ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සංවිධාන කරනු ලබන "SRI LANKA EXPO" ප්රදර්ශනය පිළිබඳව රාජ්ය තාන්ත්රිකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (12) විදේශ අමාත්යාංශයේ දී පැවැත්විණි.
2027 ජනවාරි 14 සිට 17 දක්වා BMICH හි පැවැත්වීමට නියමිත මෙම ප්රදර්ශනය වසර 15කට පසුව පැවැත්වෙන අතර මින් ඉදිරියට වසර දෙකකට වරක් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.
 
​මෙම දැනුවත් කිරීමේ වැඩසටහන විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා, කර්මාන්ත අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා යන අමාත්යවරුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
 
​මෙම හමුව සඳහා කොළඹ පිහිටි තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල නියෝජනය කරමින් දූත මණ්ඩල ප්රධානීන් රැසක් සම්බන්ධ වූහ.
 
මීට අමතරව නවදිල්ලිය, ඩකා සහ ඉස්ලාමාබාද් පදනම් කරගත් ශ්රී ලංකාවට අනුයුක්ත දූත මණ්ඩල ප්රධානීන් ද මාර්ගගතව මෙම වැඩසටහන සමඟ සජීවීව සම්බන්ධ වී සිටියහ.
​මෙම Expo Sri Lanka ප්රදර්ශනය සඳහා ලොව පුරා සිටින ව්යාපාරිකයන් සහ ආයෝජකයන් ඇතුළු 1,500ක පමණ පිරිසක් පැමිණීමට අපේක්ෂා කරන අතර, මේ වන විටත් ඉන් සැලකිය යුතු ප්රමාණයකගේ සහභාගීත්වය තහවුරු කර ඇත.
 
මෙරට ප්රමුඛ පෙළේ අපනයනකරුවන්ගේ කුටි මෙන්ම ජාත්යන්තර ප්රදර්ශන කුටි ඇතුළුව සමස්ත ප්රදර්ශන කුටි 700කට අධික ප්රමාණයක් මෙහි දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ඊයේ පැවැති මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ එම රටවලින් ව්යාපාරිකයන් සහ ආයෝජකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් රාජ්ය තාන්ත්රිකයන් දැනුවත් කිරීමයි.