Tuesday, August 19, 2025
Follow Us
State

තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමාට උපදෙස් ලබා දී ඇති බව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

State

කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව, පළාත් කර්මාන්ත හා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු සමඟ එක්ව සංවිධාන කළ "රන්සළු" ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (06) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ. 

State

ඩුබායි හි පවැත්වීමට නියමිත COP28 ලෝක නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) උදෑසන දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State
  • රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍යයි.
  • ශ්‍රී ලංකාව විශ්වවිද්‍යාල කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතුයි.

NSBM හරිත සරසවියේ 2023 උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින් ජනපති පවසයි.

State
  • නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් නැහැ
  • පසුගිය වසර කිහිපයේ මුහුණ දුන් කටුක අත්දැකීම් මතු පරපුරට උරුම කරන්නේ නැහැ

ජනපති අවධාරණය කරයි

State

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ සහ කමිටුවේ නිලධාරීන් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පැවැත්විණ.

State

තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

State

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින්  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතර විශේෂ හමුවක් ඊයේ (02) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  පැවැත්විණි.

State
  • අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
  • ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් – ජනපති අවධාරණය කරයි.

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

දිවයින පුරා විදුලි සැපයුමෙන් 99%ක් මේ වන විට සාර්ථකව යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි 

State

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදීත්, අ.පො.ස උසස් පෙළ හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

State

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් ඊයේ (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ථ දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදු වූ අතර, පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් පියවරෙන් පියවර එය යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් සියලු  කටයුතු සිදු කරමින් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

State

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (01) අළුයම නිකුත් කර තිබේ.

State

වර්තමානයේ පවතින අධික වර්ෂාපතනය නිසා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කදු කඩාවැටීම සහ දුම්රිය මාර්ගයට ගල් පෙරලී තිබීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කිරීමට තීරණය කර ඇත.

State

උසස් තත්ත්වයේ දෘඪ ටයර් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තායතනයක් ලෙසින් වැනේඩියම් ලංකා ආයතනය සිය මෙහෙයුම් කටයුතු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණදී ආරම්භ කෙරිණි. 

State

නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

State

අධිවේගී මාර්ගවල මුදල් අයකැමිවරුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති කීපයක් ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවල විශේෂ නිරීක්ෂණයක නිරත විය.