Tuesday, September 24, 2024
Follow Us
අගමැති දිනේෂ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ලිපියේ සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.