Wednesday, October 02, 2024
Follow Us
 ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් පත් කිරීම ගරු සේවා පදනම මත

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත්කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ජාවේදී  මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව පැවසීය.

ඔවුන්ගේ සේවය ගරු සේවයක් ලෙස මුදල් අය කිරිමකින් තොරව ලබාදෙන බවද අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව, 2024-09-24 දින සිට ක්‍රියාත්මක වන පරිදි දුමින්ද හුලන්ගමුව මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසත් ආචාර්ය ඒ.ඒ.ජේ.ප්‍රනාන්දු මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසත් ගරු සේවා පදනම මත පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.