Wednesday, October 02, 2024
Follow Us
2024 පාර්ලිමේන්තු මැතිවරණයට මුදල් වෙන් කෙරේ

එළැඹෙන නොවැම්බර්  14  පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත්  2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධ ශාසන අගමික සහ සංස්කෘතික කටයුතු ,ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , නව රජයේ පළමු කැබිනටි තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව  අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ අවස්ථාවේදී ය.

2024 ජනාධිපතිවරණය සඳහා පමණක් පසුගිය අයවැය ලේඛනයෙන් මුදල් වෙන් වී තිබු බවත් 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන එම අයවැය ලේඛණයෙන් වෙන් කර  නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මහමැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැතියාව පවතින බවද පැවසීය.

 ඒ අනුව මහ මැතිවරණය සහ ඉදිරි වසරේ මුළු වියදම ලෙස බිලියන 11 ලෙස ඇස්තමේන්තු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලේය.