"සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා.
පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්."
යල කන්නයේ වී මිලදී ගැනීම අද(27) සිට ආරම්භ වෙයි.
ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගත වූ පැය 24 කාලය තුළ (2024.08.19 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
සැප්තැම්බර් 09 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කර තිබෙයි.
අද (26) සිට සැප්තැම්බර් 11 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

ධීවර ජනතාව දිරිගැන්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා ඉන්ධන සහනයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කිරීමට ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (19) පස්වරු 04 දක්වා දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
"සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 25000ක දීමනාවක් වසර තුනක් පුරා.
පහළම සේවකයන්ටත් අවම වශයෙන් මසකට රුපියල් 55000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්."
තලතා අතුකෝරල මහත්මිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි.
අද උදෑසන 09 වන විට ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහත පරිදි වේ.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කළ බවට පළවන ප්‍රචාර මුළුමණින්ම අසත්‍යය බවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා අවධාරණය කර සිටි.
අගෝස්තු 24,25 හා 31 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය නොවැළැක්විය හැකි හේතුවක් මත 2024 ඔක්තෝම්බර් 19, 20 සහ 31 යන දිනවලට කල් දැමූ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කැණීම් කටයුත්තක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුව ඇති බව පොලීසිය නිවේදයන් නිකුත් කරමින් සඳහන් කරයි.
2024 ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව සහ දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් විස්තරයක් ඇතුළත් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාව පිරිසිදු සහ තිරසර බලශක්ති උත්පාදනයක් කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පහත් බිම් වලට ගංවතුර අවධානම් තත්ත්වයක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කළේය.
Page 39 of 644