ඇතැම් කුඹුරුවල හෙක්ටයාර් එකකට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවයි
මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශනය අවලංගු කිරීමට සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ (සංවර්ධන හා නවෝත්පාදන) ආචාර්ය උත්පලා අලහකෝන් මහත්මිය සඳහන් කරයි.
නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි බිල අඩු කිරීම සදහා වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ දී පසුගියදා (21) පැවැත්විණ.
විදුලිබල මණ්ඩලයේ කළමණාකාරීත්වය සහ විදුලි ගාස්තු අය ක්‍රමය සම්බන්ධ අංශ නිලධාරීන් සමග මෙහි දී නව අයකිරීමේ යෝජනාව සහ මීට පෙර යෝජනාවට සාපේක්ෂව විදුලිබල මණ්ඩලයේ ප්‍රාග්ධන සහ මෙහෙයුම් වියදම් අඩුකිරීමේ සැලසුම, 2024 වසර වෙනුවෙන් මූල්‍ය අවශ්‍යතාවය සහ විදුලි ගාස්තු අය ක්‍රමය පිළිබඳව විදුලිබල ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග පැවති හමුවේ ඉදිරිපත් වූ යෝජනා සහ මහජන උපයෝගීතා කොමිසම මගින් සිදුකල මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා නව විදුලි ගාස්තු අය ක්‍රම යෝජනාවට ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඒ අනුව විදුලිබල මණ්ඩල විසින් නව විදුලි ගාස්තු අය ක්‍රමය සදහා වන යෝජනාව හෙට දිනයේ දී මහජන උපයෝගී කොමිසම වෙත ඉදිරිපත් කරනු ඇත.
එම යෝජනාවට අනුව අවම වශයෙන් 2023 වසරේ ඔක්තෝබර් මස ඉහළ නැංවූ විදුලි ගාස්තු ප්‍රතිශතය හා ප්‍රමාණයන්ට සමානව විදුලි ගාස්තු අඩුකිරීමට බලාපොරොත්තු වේ.
2023 වසරේ ඔක්තෝබර් මස දී ගෘහස්ථ සහ ආගමික කාණ්ඩවල විදුලි ගාස්තු 18%කින්ද හෝටල් හා කර්මාන්ත කාණ්ඩවල විදුලි ගාස්තු 12%කින්ද පොදු හා රජයේ ගොඩනැගිලි කාණ්ඩයේ විදුලි ගාස්තු 24%කින්ද ඉහළ නංවන ලදි.
අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.
1912 අංක 7 දරන ප්‍රසිද්ධ රැගුම් ආඥා පනත පරිච්ඡින්න කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් ස්ථාපිත කරලීම සඳහා වූ පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඇතැම් අධිකරණවල නීති කෘත්‍යයන් හා වාර්තා පවත්වාගෙන යාම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.
උපන් බිමේ උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Page 39 of 632