Wednesday, August 20, 2025
Follow Us
State
  • අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ධාන්‍ය අපනයනකරුවෙකු වූ අයුරින් ඉදිරියේදී බලශක්ති අපනයනකරුවෙකු බවට පත් විය යුතුයි – ජනපති 2023 ශ්‍රී ලංකා හරිත හයිඩ්‍රජන් සම්මන්ත්‍රණය අමතමින් පවසයි.
  • ශ්‍රී ලංකා ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම ජනපතිට පිළිගන්වයි.

දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අති නවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ, බෙරගල, හල්දුම්මුල්ල ප්‍රධාන මාර්ගයන්හි සහ අතුරු මාර්ගවල නායයෑම්, පස් කණ්ඩි කඩා  වැටීම්, ගල් පෙරලීම් හා  ගස් කඩා වැටීම් වාර්තා වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ් අනුව එම මාර්ග භාවිතා කරන ජනතාව නිරන්තරයෙන් මාධ්‍ය හා පොලිස් නිවේදන පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, එම ස්ථානයන් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලා  සිටි

State

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් 117 හදිසි ඇමතුම් අංකයට අමතා ඒ පිළිබඳව දැනුම්දිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State
  • ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු නැහැ – සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

State

Ten newly appointed Ambassadors to Sri Lanka handed over their credentials to President Ranil Wickremesinghe at the President’s House in Kandy, this morning (05)

State

සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෙට  (20)  පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  වැඩ භාර ගැනීමට නියමිතය.

State

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (08) සඳහන් කළේය.

State

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

State

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

State

2023 නොවැම්බර් 08,09, සහ 10 දිනවල තැපැල් දෙපාර්තමේන්තු සමස්ත කාර්යය මණ්ඩලයේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එන්. ආර්. පී. සත්කුමාර මහතා සඳහන් කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය 2023 නොවැම්බර් 02 දිනැතිව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර තිබේ.

State

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ.

State

2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

State

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබඳ අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

State

2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනණැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට අද (06) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

State

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයෙන් ආරම්භ විය.