Sunday, November 09, 2025
Follow Us
State

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.

State

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇත.

State

සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ අද (13) සහ හෙට (14) දෙදින ගාල්ල සහ මඩකලපුව හෙද විදුහල්වල පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  චාමික එච්.ගමගේ මහතා සඳහන් කරයි. ‍

State

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගෙන මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන මෙම 22 වැනිදා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

State

මෙම වසරේ තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ, රට වෙනුවෙන් වූ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටි.

එම පණ්වුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"තෛපොංගල් උත්සවය සශ්‍රීකත්වය මෙන්ම නව ආරම්භයක් පිළිබඳව ද සුභවාදී අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි. තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් කෘෂිකර්මාන්තයට පැවරී ඇති වැදගත් කාර්යභාරය ද අවධාරණය කරයි. එබැවින්, මෙම වසරේ තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ, රට වෙනුවෙන් වූ අනාගත බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා අධිෂ්ඨානශීලීව එක්වන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ"

State

තේ පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

State

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි .

State

ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තෛයිපොංගල් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

රාජ්‍ය සේවය රටක කොඳු නාරටිය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

State

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳන බවත්, ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

State

අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතත් ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

State

දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම ඊයේ(11) සිට නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

State
තේ වගාව සඳහා යොදනු ලබන T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2000කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අද (16) තීරණය කළේය.
State

රාජ්‍ය වියදම් පාලනය, අත්‍යවශ්‍ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් දැනුම්දෙමින් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

State

අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා යථාවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ  (08) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

State

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි. 

State

සෝමාලියාවට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පසු අල්-ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම විසින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් බවට එල්ල වන චෝදනා සහ අසත්‍ය ප්‍රචාර ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.

State

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance - DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමටත්,  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව 25%කින් ඉහළ දමා ජනවාරි වැටුප සමග ලබාදීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.