Saturday, September 14, 2024
Follow Us
ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක්

ධීවර ජනතාවට අත්‍යාවශ්‍ය වන ඉන්ධන සඳහා සහනාධාරයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කරමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනය පසුගියදා (26) ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කොට ඇත.

ධීවර ජනතාව දිරිගැන්වීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා ඉන්ධන සහනාධාරය ලබා දීම, පසුගිය 23 වන දින සිට ක්‍රියාත්මක කළ අතර ඉකුත් 21 දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ධීවර අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ, කැබිනට් පත්‍රිකාවට අනුව මෙම තීරණය ගෙන තිබේ.


ධීවර මහා සම්මේලනය මගින් පසුගියදා (09) කොළඹ ප්‍රදර්ශන හා සම්මේන මධ්‍යස්ථානයෙදි පවත්වන ලද ජාතික ධීවර මහා සමුළුවේදී ආර්ථික අර්බුදය හමුවේ ධීවර කර්මාන්තයට ඇති වි ඇති බලපෑම අවම කර ගැනීම සඳහා ධීවරයන් විසින් කරන ලද ඉල්ලීම් වල ප්‍රධාන කරුණක් වූ ධීවර කම්කරුවන් සඳහා ඉන්ධන සහනයක් ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉහත සහනය ලබාදී ඇත.


DFAR/FUEL/2024/001 නැමති මෙම චක්‍රෙල්ඛනයට අනුව ධීවර කර්මාන්ත යථා තත්වයට පත්කිරීමේ දීමනාවක් ලෙස භූමිතෙල් භාවිතා කරන ධීවරයන් සඳහා දිනකට භූමිතේල් ලීටර් 15 හා මසකට දිනකට 25 ක උපරිමයකට යටත්ව රැකියාවේ නිරත විමේ දින සඳහා පමණක් ලීටරයකට රු. 25 ක් ලබාදීමට නියමිතව ඇත. මෙහි දී ධීවර කර්මාන්තයේ නියැලෙන imul/iday යාත්‍රා හිමිකරුවන් විසින් මිලදී ගන්නා භූමි තෙල් සඳහා දිනකට ලීටර් 15 ක උපරිමයකට යටත්ව හා ධීවර කර්මාන්තයේ යෙදෙන දින පමණක් මසකට උපරිම දින 25 කට මසකට රු. 9375ක මුදලක් ප්‍රතිපූර්ණය කිරීමට තිරණය කිරිමට ඇත.


ඉන්ධන වශයෙන් ඩීසල් භාවිතා කරන ධීවර යාත්‍රා හිමියන් සඳහා ඔහුන් විසින් මිලදි ගන්නා එක් ඩීසල් ලිටරයක රු.25 මුදලක් ලැබෙන සේ මෙම ධීවරයෙන් සඳහා ධීවර කර්මාන්තය යථා තත්වයට පත් කිරීමේ දීමනාවක් අදාල ධීවර යාත්‍රා වර්ගය මෙහෙයුම් වර්ගය මෙහෙයුම් ප්‍රදේශය හා මෙහෙයුම් කරන දින ගණන පදනම්ව ලබාදීමට රජය තීරණය කර ඇත.


ඒ අනුව ඉන්ධන වශයෙන් ඩීසල් භාවිතා ගන්න ධීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි සක්‍රීය දේවල් කර්මාන්තයේ නියැලෙන imul/iday ධීවර යාත්‍රා සඳහා මිලදීගන්නා ඩීසල් ලීටරයකට රු. 25ක් බැගින් වූ මුදලක් ප්‍රතිපූර්ණය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව එක් එක් ධීවර යාත්‍රා කාණ්ඩයක් සඳහා හිමිවන ප්‍රතිලාභ fr/24/01 මගින් ලබා දෙන තොරතුරු මත තීරණය වේ. එසේ වුවද එක් ගමන් වාරයක් සඳහා ප්‍රතිපූර්ණය කරන ඉන්ධන ප්‍රමාණය එම යාත්‍රාවේ ඉන්ධන ටැංකිය ධාරිතාව ඉක්මවා නොයායුතුය. imul/iday යාත්‍රා මඟින් සිදුකරන මෙහෙයුම් වර්ගය අනුව ලබාදෙන ඉන්ධන ප්‍රතිපූර්ණය කිරීමේ ප්‍රතිලාභය උපරිම ප්‍රමාණය අවසන් තීරණය ධීවර අධ්‍යක්ෂකවරයා සතුවේ .


මෙම වැඩසටහන මාස 06 පමණ කාලයක් ක්‍රියාත්මක වේ. එම කාලය තුළ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් හා භූමිතෙල් මිල සංශෝධනය වන සෑම අවස්ථාවලදීම එම සංශෝධන ක්‍රියාත්මකවන දින සිට මෙම යෝජනා ක්‍රමය යටතේ, ප්‍රතිලාභයද සංශෝධනය විය යුතුය. ඒ අනුව සෑමවිටම ඩීසල් සඳහා 7.5% ප්‍රතිශතයක්ද භූමිතෙල් සඳහා 12.5 % ලෙසද සලකා ලීටරයක් සඳහා ලබාදෙන ප්‍රතිලාභය ගණනය කල යුතුය. ඉහත ආකාරයට මෙම ඉන්ධන දීමනාව අගෝස්තු මස 23 දින සිට ගණනය කර ධීවර යාත්‍රා හිමිකරුවන්ට ලබාදෙන ලෙස ධීවර අමාත්‍යවරයා, ධීවර අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට පසුගියදා (26) උපදෙස් සහ නියෝග ලබා දී ඇත.