Thursday, May 07, 2026
Follow Us
ඉන්ධන මිළ පහළට

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිළ රුපියල් 332කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 2කින් අඩු වී ඇති අතර, එහි නව මිළ රුපියල් 377කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිළ රුපියල් 10කින් අඩු කෙරෙන අතර එහි නව මිළ රුපියල් 307ක් වනු ඇත.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිළ රුපියල් 3කින් අඩු කෙරෙන අතර එහි නව මිළ රුපියල් 352කි.

කෙසේ වෙතත් භූමි තෙල් මිළෙහි කිසිදු සංශෝධනයක් සිදු වී නැත.