Sunday, November 09, 2025
Follow Us
State

අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධාකරමින් වර්ජනය කල සේවකයන්ගේ සේවය අත් හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.

ජනවාරි 03, 04, 05 දිනවල ඇතැම් සේවක පිරිස් විසින් ගෙන යන ලද වැඩවර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මහජන සේවාවන් අඩපන කරමින් කටයුතු කිරීම පිළිබඳ වූ මහජන පැමිණිලි අමාත්‍යංශය වෙත ලැබී ඇතැයි ද ඇමතිවරයා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.

1 54

State
  • අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා – ජනපති.
  • ඉතා කෙටි කලක් තුළ වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳ ජනපතිගෙන් පැසසුම්.
State

රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ආරාධනා කර සිටි.

State
  •  President reviews Pooneryn town development plan.
  • The President also joins in monitoring the Pooneryn Fort as well as Vanni Cashew Production Institute.
State

උතුරු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරි මස හත්වැනි දින ආරම්භ වීමට නියමිතය. 

State

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි.

State

විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට ලබා දී බවත් ඒ අනුව පෙබරවාරි මස මුල් සතිය වන විට විදුලිබිල සංශෝධනය කරන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

State
  • Revolutionising tax and bill payments across Sri Lanka

In a groundbreaking move towards embracing technology, the Kandy Municipal Council (KMC) has forged a strategic partnership with Pay&Go, a leading mobile payment app, to facilitate seamless tax and bill payments in Sri Lanka. 

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2023 (2024) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම 2023.12.29 වන දින මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

State

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක 09 ක ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.  ඒ මහතා මේ බව සඳහන් කළේ ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙළ පිළිබදව  සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති  මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී. 

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ලේකම්වරයා ,

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස 2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය අපට ලැබුනා. එය කළාපයේ රටවල් 03 කට පමණයි ලැබුනේ. ඉන්  එක රටක් තමයි  ශ්‍රි ලංකාව. ලෝකය පුරා ප්‍රතිශකිත්කරණ වැඩපිළිවෙල ශක්තිමත්ම සහ ආවරණය වැඩිම (සියයට සියයක් සහ සියයට 99.5 ක්) රට ශ්‍රී ලංකාව. කොවිඩ් වසංගතය සමග ප්‍රතිශක්තීකරණ ආවරණය ලෝකය පුරාම අඩු වුණා. මේ නිසා ලෝව පුරා සරම්ප රෝගීන් වාර්තාවිමක් දක්නට ලැබෙනවා. ඉන්දියාව, පකිස්ථානය ඇතුලු බොහෝ රටවල මෙය වාර්තා වෙනවා.

සංවර්ධනය වූ රටවල පවා වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව තුල පසුගිය කාලය සරම්ප රෝගීන්  වාර්තා වනු දැකගන්නට ලැබුනා. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වන්නේ. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර , යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඒ දිස්ත්‍රික්කයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කළාපයේ තිබෙන කාර්යාලයත් සමග සාකච්ඡා කර, ජීනිවා කාර්යාලයත් සමග සාකච්ඡා කර ඒ පිළිබද විද්වත් අදහස් ලබාගෙන විශේෂ වැඩසටහනක් සුදානම් කළා.  මාස 06 ත්, 09 අතර ළදරුවන්ට සරම්ප මාත්‍රාවක් ලබාදිමට. එම වැඩසටහන වැඩිපුරම සරම්ප රෝගින් වාර්තා වන දිස්ත්‍රික්ක 09 තුල පමණයි ක්‍රියාත්මක කෙරෙන්නේ. මෙම වැඩසටහන 2024 ජනවාරි මස  06 වනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.  ලගම ඇති සායනයෙන් මෙම එන්නත් ලබාදීම සිදු කරනු ලබනවා. වයස මාස 09 ත් 15 ත් අතර,  කිසියම් අයෙකුට සරම්ප එන්නත් ලැබී නැතිනම් ඒ අය සදහා ද සරම්ප එන්නත් ලබාදිම ද  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 

නැවැත වරක් සති දෙකකට පසු ජනවාරි මාසයේ තුන්වන සතියේ නැවත මෙවැනි වැඩසටහනක් දිප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහි අරමුණ සරම්ප රෝගීන් වාර්තාවීම අවම කර ගෝලිය වශයෙන් සහ කළාපීය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද  උපදෙස් අනුව කටයුතු කරමින් මෙරට සරම්ප රෝගීන් අවම මට්ටමකට ගෙන ඒම.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර ඇත.

State

2023 අප්‍රේල් 7 සිට 2023 ජූලි 5 (එම දින දෙකද ඇතුලුව) කාලය තුල උපත ලද දරුවන්ගේ මාපියන්ට විශේෂ දැනුම් දීමක් 

මොළයට හානිවීම, නියුමෝනියාව, අන්ධ භාවය, බිහිරි භාවය, දරුණු පාචනය සහ මාරාන්තික සංකූලතා ගෙන දිය හැකි සරම්ප රෝගය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල මෙන්ම ලංකාව තුලද කුඩා දරුවන් අතර පැතිර යමින් පවතී.

State

ඔබ මිලදී ගැනීමට බලාපොරොත්තු වන ජංගම දුරකථනයේ ඇසුරුමෙහි සඳහන් කර ඇති ඉමි අංකය වෙනත් ඕනෑම ජංගම දුරකතනයකින් IMEI ලෙස ටයිප් කර ඉඩක් තබා අංක 15කින් සමන්විත ඉමි අංකය ටයිප් කර කෙටි පණිවිඩයක් ලෙසින් “1909” ට යොමු කරන්න.

State

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ධූරයට ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් ධූරයට ඩබ්. පී. පී. යසරත්න මහතා ද, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයට සමන් දර්ශන පාඬිකෝරාල මහතා ද පත් කර තිබේ.

State

රට වෙනුවෙන් වගකීම් ඉටුකොට අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කරමු යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසරේ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State

COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.