Friday, September 13, 2024
Follow Us
නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නව ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් විසින්. ඒ අනුව ජල ගාස්තු සංශෝධනය පසුගිය 21වනදා සිට ක්‍රියාත්මකයි.

සමෘද්ධිලාභින් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය, රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වේ.

ඒ අනුව ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු සියයට 07කින් අඩු කර ඇත.

රජයේ රෝහල්වල සියයට 4යි දශම 5කින් ද ආගමික ස්ථානවල සියයට 6යි දශම 3කින්ද ජලගාස්තු අඩු කර ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.