අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැළෙන අපේක්ෂකයන් හා පුද්ගලයන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද (07) අත්සන් තැබිණි.
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (06) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානමින් පවතී.
මෙවර අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේය.
විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේය.
රණවිරුවන්ගේ පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිමවූ වහාම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කොවිඩ් -19 වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (on Arrival) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතවය. 2023 සැප්තැම්බර් 11 දින රටට ඇතුළුවිමේදි විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිගත හැකි බාහිර ආයතනයක් වෙත දීම වෙනුවෙන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනේ.
රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.
Page 44 of 642