Thursday, May 07, 2026
Follow Us
State

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය -

State

2016 වර්ෂයේ සිට මේ දක්වා  විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල වැටුප් විෂමතා ගැටලුව විසඳීමට සාර්ථක ක‍්‍රියාමාර්ගයන් නොගැනීම නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල වෘත්තීය ගැටලුවක් නිර්මාණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ලෙස ඊයේ ගැසට් පත්‍රයේ පළ විය. 

State

අද (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

State
  • ඉරානය සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගනිමින් ඉදිරියට යාම අරමුණයි- ශ්‍රී ලංකා ජනපති.
  • ශ්‍රී ලංකාව සමඟ මනා හවුල්කාරිත්වයකින් යුතුව ඉදිරියටක් කටයුතු කිරීමට සූදානම්- ඉරාන ජනපති.

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

State

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදු කිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරතුරු ඉතා වැදගත් වන බැවින් පාරිසරික හානි සම්බන්ධයෙන් පොලිස් විශේෂ  කාර්යාංශයේ 1997 දරන  හදිසි ඇමතුම් අංකයට හා  මධ්‍යම පරිසර අධිකාරියේ 1981 හදිසි ඇමතුම් අංකය වෙත තොරතුරු ලබා දෙන මෙන් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

State

බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්වය පිළිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් ව ඇති අතර, එම ස්ථානය පරීක්ෂා කර කඩිනමින් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.

State

2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රවමේදය ක්‍රියාත්මක කිරීම ඊයේ සිට ආරම්භ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

සියලු‍ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

State

දේශීය හෝ විදේශීය පාර්සල ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS කෙටි පණිවුඩයක් ගණුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

State
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
State

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

මෙම වසරේ කෘෂි අංශයේ නව්‍යකරණය වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රුපියල් බිලියන 25ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

State

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද (19) ආරම්භ කෙරිණි.

State

යාං ඔය ජලාශ ව්‍යාපෘතිය 2015 වසරේදී ක්‍රියාත්මක කිරීමේදී අත්පත් කර ගන්නා ලද මඩ ඉඩම් වෙනුවෙන් ලබාදීමට නියමිත විකල්ප ඉඩම් වෙනුවට ගොවිතැනින් නොවන වෙනත් ජීවනෝපායන්/රැකියා මගින් ජීවත් වන හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඉන් පිටත පදිංචි පුද්ගලයන් 614 සදහා රුපියල් ලක්ෂ දහ අටක විකල්ප අතිරේක මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණි.